මෙරට දෙවැනි සත්වෝද්‍යානය ලෙස සැලකෙන පින්නවල සත්වෝද්‍යානයේ 11 වන සංවත්සරය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී සහ පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩිලානි අමරසිංහ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සත්වෝද්‍යාන සේවයේ යෙදී සිටියදී මියගිය සේවකයන් සහ මියගිය සතුන් සිහිපත් කර පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.
සංවත්සරය සනිටුහන් කරමින් සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැළ සිටුවීම නිලධාරීන් අතින් සිදු වූ අතර, මෙම සත්වෝද්‍යානය 2015 වසරේ අප්‍රේල් 17 වනදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී. පින්නවල ජාතික සත්වෝද්‍යානය පිහිටුවීමේ මූලික කටයුතු 2005 වසරේ මැයි මස ආරම්භ වූ අතර, අද වන විට එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රමුඛ ස්ථානයක් බවට පත්ව තිබේ.














