General Motors (GM) සමාගම 2028 වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ සිය මීළඟ පරම්පරාවේ පූර්ණ විද්‍යුත් (Electric) ට්‍රක් රථ නිෂ්පාදන වැඩපිළිවෙළ දින නියමයක් නොමැතිව ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව ‘Crain’s Detroit Business’ පුවත් සේවය ඊයේ (21) වාර්තා කළේය. මෙලෙස ප්‍රමාදයට ලක්ව ඇත්තේ GMC Sierra සහ Chevrolet Silverado යන ජනප්‍රිය රථ මාදිලිවල නව විද්‍යුත් සංස්කරණයන්ය.
අඩු පිරිවැයකින් යුත් නව විද්‍යුත් සංස්කරණ ලෙස Sierra, Silverado, Escalade IQ සහ Hummer වැනි රථ මාදිලි හඳුන්වා දීමට GM සමාගම මීට පෙර සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, අදාළ උපාංග සපයන ආයතන (Suppliers) වෙත සමාගම විසින් මෑතකදී දැනුම් දී ඇත්තේ මෙම ව්‍යාපෘතිය දැනට නවතා ඇති බවත්, ඒ සඳහා නව කාලසටහනක් මෙතෙක් නිකුත් කර නොමැති බවත්ය.
ගෝලීය වශයෙන් විද්‍යුත් වාහන සඳහා පවතින ඉල්ලුම අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වීම සහ නිෂ්පාදන පිරිවැය කළමනාකරණය කරගැනීමේ අවශ්‍යතාවය මෙම තීරණයට හේතු වන්නට ඇති බව මෝටර් රථ ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පවසති. මෙම පුවතත් සමඟ විද්‍යුත් වාහන වෙළඳපොළේ අනාගතය සහ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදකයන් සිය උපායමාර්ගික වෙනස්කම් සිදු කරන ආකාරය පිළිබඳව ලොව පුරා දැඩි අවධානයක් යොමු වී තිබේ.













