ජපානයේ යොකොහාමා නගරයේ නිවසකට කඩා වැදී කාන්තාවකට පහර දී මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු කනගාවා (Kanagawa) ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අප්‍රේල් 1 වැනිදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි කෙන් මුරකාමි (Ken Murakami) සහ 41 හැවිරිදි යුකියෝ කාජි (Yukio Kaji) යන පුද්ගලයන් දෙදෙනාය. සැකකරුවන් දෙදෙනාම මංකොල්ලකෑම් සම්බන්ධයෙන් මීට පෙර සිරදඬුවම් විඳ මේ වසර මුලදී නිදහස් වූවන් බවත්, ඔවුන්ට ස්ථිර පදිංචියක් නොමැති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරුවන් අදාළ චෝදනාවලට වරද පිළිගෙන ඇති අතර ඔවුන් මීට සමාන තවත් මංකොල්ලකෑම් සිද්ධීන් 10ක පමණ සම්බන්ධ වී ඇති බවට සැක කෙරේ. එම සිදුවීම් අතර ලිංගික අතවර කිරීම් ද පවතින බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් විමර්ශන නිලධාරීහු ප්‍රකාශ කරති. නිවසකට ඇතුළු වී කාන්තාවකට තුවාල සිදු කර මංකොල්ලකෑමේ බරපතළ චෝදනාව යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.













