ගුවන්යානා සඳහා භාවිත කරනු ලබන නැවත අඩිය පුරවන ලද (Retreaded) ටයර් ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කරමින් නව රෙගුලාසි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර 2023 වසරේදී ප්‍රකාශිත ගැසට් පත්‍රයක් මගින් මෙලෙස නැවත අඩිය පුරවන ලද ටයර් ආනයනය කිරීම තහනම් කර තිබුණි.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව, අත්‍යවශ්‍ය මෙහෙයුම් සහ ආරක්ෂක අවශ්‍යතා සලකා බලමින් HS කේතය 4012.13 යටතේ වර්ගීකරණය කරන ලද ගුවන්යානා ටයර් ආනයනයට අවසර ලබා දී ඇත. මෙම අවසරය හිමිවන්නේ ජාත්‍යන්තර ගුවන් සේවා සපයන ශ්‍රී ලාංකික ගුවන් සමාගම් සඳහා පමණක් වන අතර, ඔවුන් සහ සහතික කළ ජාත්‍යන්තර සැපයුම්කරුවන් අතර පවතින නිසි ගිවිසුම් මත පදනම්ව මෙම ආනයනයන් සිදු කළ යුතුය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, 2026 මාර්තු 23 දිනැති අංක 2481/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නව රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.













