වරකාගොඩ දීයකඩුව මාර්ගයේ සිදු වූ යතුරු පැදි අනතුරකින් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇති බව වරකාගොඩ පොලිසිය වාර්තා කරයි. මියගොස් ඇත්තේ දීයකඩුව, නියගොඩවැව පදිංචිව සිටි නිර්මාන් තාරක කුමාර විජේසිංහ නැමැති තරුණයෙකි. ඔහු හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙකු බව සඳහන් වේ.
පොලිසිය පවසන පරිදි, මෙම තරුණයා පින්කම් නිවසකට සහභාගී වී නැවත තම නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබේ. එහිදී අසල තිබූ දුරකථන කණුවක යතුරු පැදිය ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුව ඇත.













