ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටකට ගෙවීමට තිබූ ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර්වරයෙකු සතු වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය විය. 2025 සැප්තැම්බර් අග වන විට ඩොලර් මිලියන 22.9ක ණය මුදලක් ගෙවීමට තිබූ රටකට, 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේදී සිදුකළ ඩොලර් මිලියන 2.5ක ගෙවීමක් මෙලෙස අස්ථානගත වී ඇති බව කියැවේ.
ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය ඉදිරියේදී පැහැදිලි කිරීමක් කරනු ඇති බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා විමර්ශනයක් සිදු කරන්නේද යන්න පිළිබඳව තීරණය කතානායකවරයා විසින් ගනු ඇත. මේ වන විටත් මුදල් අමාත්‍යාංශයේ විදේශ විනිමය සම්පත් දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ කමිටුවක් පත් කර ඇති බවත්, නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවත් මාධ්‍යවේදීන් මෙහිදී පෙන්වා දුන් අතර, රජය ඒ පිළිබඳව සොයා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.













