ත්‍රිකුණාමලය-මඩකලපුව ප්‍රධාන මාර්ගයේ උප්පාරු ගඟ පාලම අසලදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (අප්‍රේල් 22) සවස බිහිසුණු අනතුරක් සිදුව තිබේ. ත්‍රිකුණාමලයේ සිට මුතූර් දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ මෙම බස් රථය අනතුරට පත්ව ඇත්තේ කින්නියා පොලිස් වසමට අයත් ප්‍රදේශයේදීය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සිට ඇති අතර, ඉන් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූ පිරිස වහාම කින්නියා සහ මුතූර් රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කින්නියා පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














