යුරෝපයට සිදුකරන ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා සහාය ලබා දීමට ප්‍රංශය සූදානම් බව ප්‍රංශ සෙනෙට් සභාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිනි වනිනා පඕලි ප්‍රකාශ කර තිබේ. ඇය මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති ද්විපාර්ශවික සාකච්ඡාවකදීය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා යුරෝපා වෙළඳපොළ තුළ ඇති ඉඩප්‍රස්ථා තවදුරටත් පුළුල් කිරීමට සහ අපනයන ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දීම පිළිබඳව දෙපාර්ශවයේ විශේෂ අවධානය යොමු විය. ඉදිරි කාලය සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අයදුම් කිරීම පිළිබඳව ප්‍රංශය ධනාත්මක බලාපොරොත්තුවකින් පසුවන බව ද වනිනා පඕලි මහත්මිය මෙහිදී අවධාරණය කළාය. ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ආර්ථික සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙම හමුව වැදගත් සන්ධිස්ථානයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













