ගල්කුඩු ප්‍රවාහනය කළ ලොරි රථයකින් පාර පුරා ගල්කුඩු හැළීම හේතුවෙන් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ කළුතර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ එක් මංතීරුවක් අද (23) අලුයම සිට තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ. ලොරි රථයේ පිටුපස දොර විවෘත වීම නිසා මීටර් 800කට ආසන්න දුරක් මාර්ගය පුරා මෙලෙස ගල්කුඩු විසිරී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මාර්ගය ලිස්සා යාම හේතුවෙන් මෙම ගල්කුඩු මතින් ධාවනය වූ යතුරුපැදි හතරක් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. අපරික්ෂාකාරී ලෙස ගල්කුඩු ප්‍රවාහනය කළ අදාළ ලොරි රථය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර, මාර්ගය පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත.














