ඇමරිකානු නාවික හමුදා ලේකම් ජෝන් පීලන් (John Phelan) මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමරිකාව සහ ඉරානය අතර යුදමය වාතාවරණයක් පවතින පසුබිමක පෙන්ටගනය තුළ සිදුවූ තවත් ප්‍රබල නායකත්ව වෙනසක් ලෙස මෙය සැලකේ.
නැව් නිෂ්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඔහු ප්‍රමාද වීම සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ඇතුළු පෙන්ටගනයේ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පැවති මතභේද මීට ප්‍රධාන හේතු වී තිබේ. මීට අමතරව පීලන්ගේ කාර්යාලයට එරෙහිව පැවැත්වෙන සදාචාරාත්මක විමර්ශනයක් (Ethics Investigation) පිළිබඳව ද වාර්තා වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද සේවා ලේකම්වරයෙකු මෙලෙස ධුරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙය වන අතර පීලන් වෙනුවට හං කාඕ (Hung Cao) වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස පත් කර ඇත.
ඉරානයට එරෙහිව ඇමරිකානු නාවික හමුදාව දැඩි අවහිරතා පනවා ඇති තීරණාත්මක මොහොතක මෙම වෙනස සිදුවීම විශේෂත්වයකි.
















