කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් යුරෝපය සතුව නොමැති බවත්, ඇමරිකාව සහ චීනය සමඟ තරග කිරීමට තරම් ප්‍රමාණවත් ආයෝජනයක් සිදු නොකිරීම හේතුවෙන් ව්‍යාපාරික අවස්ථා එම රටවල් වෙත ගලා යාමේ අවදානමක් පවතින බවත් Nokia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අද (23) ප්‍රකාශ කළේය. ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් මෙවැනි යටිතල පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන සිය ගණනින් ආයෝජනය කිරීමට සූදානම් වුවද, යුරෝපයේ පවතින දැඩි නියාමන නීති සහ බලශක්ති ගැටලු හේතුවෙන් ඔවුන් පසුබෑමකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති පිරිවැය ඉහළ යාම ද මෙම තත්ත්වයට බලපා ඇති බව වාර්තා වේ. යුරෝපය කඩිනමින් සිය ආයෝජන සහ ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් අනාගත තාක්ෂණික ලෝකයේ ප්‍රමුඛතාව ඇමරිකාවට සහ චීනයට නිරායාසයෙන්ම හිමි වනු ඇති බවට හෙතෙම වැඩිදුරටත් අනතුරු ඇඟවීය.













