ස්පාඤ්ඤයේ Santander බැංකුව විසින් ඇමරිකානු බැංකුවක් වන Webster Financial ආයතනය ඩොලර් බිලියන 12.2ක මුදලකට අත්පත් කර ගැනීමට (Takeover) සැලසුම් කර ඇති අතර, ඊට අදාළ කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබෙන තෙක් සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන (Share buyback) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අද (23) වෙළෙඳපොළ නියාමකයින් වෙත දැනුම් දෙමින් Santander බැංකුව සඳහන් කළේ මෙම අත්හිටුවීම අප්‍රේල් 24 සිට මැයි 26 දක්වා ක්‍රියාත්මක වන බවයි.
Webster Financial සමාගමේ කොටස් හිමියන්ගේ රැස්වීම මැයි 26 වනදා පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම අත්පත් කර ගැනීම සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම ක්‍රියාවලියෙන් පසු, එනම් මැයි 27 වනදා සිට අගෝස්තු 20 දක්වා කාලය තුළ සිය කොටස් නැවත මිලදී ගැනීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට Santander බැංකුව සැලසුම් කර ඇත. මෙම දැවැන්ත ගනුදෙනුව හරහා Santander බැංකුව ඇමරිකානු වෙළෙඳපොළ තුළ සිය ආධිපත්‍යය තවදුරටත් පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වේ.













