පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (අප්‍රේල් 23) පස්වරු 4:00 සිට හෙට (අප්‍රේල් 24) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පළමු මට්ටමේ (Level 1 – විමසිලිමත් වන්න) නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම අනතුරු ඇඟවීම් අදාළ වේ.
නායයාමේ ලක්ෂණ ලෙස සැලකෙන පොළොවේ ඇතිවන පැලුම්, ගොඩනැගිලි බිත්තිවල ඇතිවන ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ හදිසියේ ජල උල්පත් මතු වීම් හෝ බොර පැහැවීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.













