“දිට්වා” සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23කට සිය නිවාස යළි ඉදිකර ගැනීම සඳහා රජය මගින් ලබාදෙන ආධාර මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම අද (අප්‍රේල් 23) ඌව පළාත් සභාවේදී සිදු විය.
ආපදාවෙන් පූර්ණ හානියට පත්වූ නිවසක් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින්ද, අර්ධ හානියට ලක්වූ නිවසක් සඳහා අවම වන්දි මුදල ලෙස රුපියල් ලක්ෂ 5 බැගින්ද ලබාදීමට රජය තීරණය කර තිබේ. එහි මූලික අදියර යටතේ අද දින පූර්ණ හානියට පත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් වූ පළමු වාරිකයත්, අර්ධ හානියට පත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 3 බැගින් වූ වාරිකයත් ප්‍රතිලාභීන් වෙත පිරිනමන ලදී.
බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සහ බදුල්ල ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා නානායක්කාර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














