2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය හෙට, එනම් අප්‍රේල් 24 වනදා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව හෙට මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව අවසන් වන අතර, ඉන් පසුව කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර නොගන්නා බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.
අයදුම්පත් යොමු කිරීමේදී යම් තාක්ෂණික ගැටලුවක් හෝ විමසීමක් පවතින්නේ නම් 011 2785922, 011 2784208 හෝ 011 2784537 යන දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැකිය. එසේම 011 2784422 යන ෆැක්ස් අංකය හෝ [email protected] යන විද්‍යුත් තැපෑල හරහා ද තොරතුරු විමසීමේ හැකියාව පවතින අතර, සියලුම අපේක්ෂකයින් නියමිත වේලාවට පෙර සිය අයදුම්පත් නිවැරදිව යොමු කිරීමට වගබලා ගත යුතුය.











