ගම්පහ, පහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ 13 හැවිරිදි දරුවා අද කොළඹ ගාලුමුවදොර පිටියේ රැඳී සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. තම දරුවා ඊයේ (23) සිට අතුරුදන්ව ඇති බවට දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පුළුල් සෝදිසියක් ආරම්භ කර තිබුණි.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දරුවා පවසා ඇත්තේ පියා විසින් තමන්ට තරවටු කරනු ඇතැයි මව කළ ප්‍රකාශයකට දැඩි ලෙස බිය වීම නිසා තමන් මෙලෙස නිවසින් පලා ආ බවයි. දරුවාගේ ආරක්ෂාව තහවුරු කර ඇති පොලිසිය, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින අතර දරුවා නැවත දෙමාපියන් වෙත භාර දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.














