කැලණි ගඟේ පාවෙමින් තිබියදී මට්ටක්කුලිය ප්‍රදේශයෙන් සොයාගත් 19 හැවිරිදි තරුණයාගේ මරණය, කිසියම් පිරිසක් විසින් සිදුකළ සැලසුම්සහගත ඝාතනයක් බවට පොලිසිය සැක කරයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ (22) රාත්‍රියේ සේවය නිමවා නිවසට පැමිණෙන බව සිය බිරිඳට දුරකථනයෙන් දැනුම් දී තිබුණද, ඔහු යළි නිවසට පැමිණ නැත. අද උදෑසන ඔහුගේ සිරුර ගඟේ තිබී හමුවූ අතර, කිසියම් පිරිසක් ඔහුව පැහැරගෙන ගොස් දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.














