ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ තිරසාරත්වය ලෝකය හමුවේ සහතික කිරීම සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ හරහා දේශීය තේ වගාවට ජාත්‍යන්තර මට්ටමේ සහතිකකරණ ක්‍රියාවලියක් එක් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (SL-GAP) හඳුන්වා දෙමින් තේ වගා කිරීමේ සිට අස්වනු නෙළීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම විද්‍යාත්මක සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිදු කරන බව මෙහිදී සහතික කෙරේ. මෙහි මූලික අරමුණ වන්නේ සිලෝන් ටී සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පවතින විශ්වාසය තවදුරටත් වර්ධනය කරමින් පාරිභෝගිකයාට ඉහළම තත්ත්වයේ නිෂ්පාදනයක් ලබා දීමයි.
තිරසාරත්වය සම්බන්ධ ජාත්‍යන්තර ISEAL සහතිකකරණය ලබාගැනීම සඳහා යුනිලිවර් (Unilever) ආයතනය විසින් අනුග්‍රහය ලබා දීමට නියමිතය. මෙයට අදාළ නෛතික තත්ත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙමඟින් ශ්‍රී ලාංකීය තේ අපනයන ක්ෂේත්‍රයේ නව පුනරුදයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

















