මැදපෙරදිග කලාපය තුළ ස්ථාවර සහ දීර්ඝකාලීන සාම ගිවිසුමක් ඇති කිරීමේ අරමුණින් ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් සහ ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරි සති කිහිපය තුළ ධවල මන්දිරයේ සංචාරයක නිරත වනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකානු රජයේ මැදිහත්වීම මත දෙරට අතර වඩාත් සාර්ථක සාම වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම සාකච්ඡාවල මූලික අරමුණයි.
ජනාධිපති ට්‍රම්ප් මෙහිදී අවධාරණය කළේ ලෙබනනය තුළ පවතින “හිස්බුල්ලා” සංවිධානයේ බලපෑම පිළිබඳව දෙරටම දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ලෙබනනය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමටත්, එම රටේ පවතින ගැටලු නිරාකරණය කිරීමටත් ඇමෙරිකාව සහාය දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
විශේෂයෙන්ම ඉරානය සම්බන්ධයෙන් මේ වන විට ඇමෙරිකාව ගනිමින් සිටින තීරණාත්මක පියවරයන්ට සමගාමීව ලෙබනන-ඉශ්‍රායල සාම ක්‍රියාවලිය ද ඉදිරියට ගෙන යාම ඉතා වැදගත් සහ යහපත් කටයුත්තක් වනු ඇති බව ජනාධිපතිවරයාගේ අදහසයි. මෙම සාකච්ඡා හරහා කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට නව මාවතක් විවර වනු ඇතැයි ඇමෙරිකානු පරිපාලනය අපේක්ෂා කරයි.














