ලොව ප්‍රමුඛතම කොරියානු වාහන සන්නාමයක් වන කියා (Kia), කොළඹ පිහිටි සුප්‍රසිද්ධ ඇල්ටෙයාර් ගොඩනැගිලි සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් සිය නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබේ. කොළඹ නගරයේ පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙමින්, උසස් තත්ත්වයේ මෝටර් රථ අත්දැකීමක් ලබා දීමේ අරමුණින් වර්ග අඩි 2,700ක පමණ ඉඩකඩක් සහිතව මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර ඇත. නවීන තාක්ෂණය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිමවා ඇති මෙම මධ්‍යස්ථානය හරහා කියා සන්නාමයේ නවෝත්පාදන සහ ගුණාත්මක බව ප්‍රදර්ශනය කෙරේ.
මෙම සමාරම්භක උත්සවයේ විශේෂිතම අවස්ථාව වූයේ කියා සන්නාමයේ ප්‍රථම ඩබල් කැබ් රථය වන ‘කියා ටස්මන්’ (Kia Tasman) ශ්‍රී ලංකාවට හඳුන්වා දීමයි. ටස්මන් රථයට අමතරව Sorento, Sportage, Carnival, Sonet වැනි ජනප්‍රිය මාදිලි මෙන්ම EV3, EV5 වැනි නවතම විද්‍යුත් වාහන (EV) ද මෙම ප්‍රදර්ශනාගාරයේදී අත්විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දී ඇත. කොළඹ නගරයේ ප්‍රධාන ව්‍යාපාරික කලාපයක් තුළ මෙවැනි ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රය තුළ කියා සන්නාමය තවදුරටත් ස්ථාවර වීමට ඉවහල් වනු ඇත.














