යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ කළු මුහුද ආසන්නයේ පිහිටි ටුවැප්සේ (Tuapse) තෙල් පර්යන්තයේ හටගත් දරුණු ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත්ව ඇති බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කරයි.
පසුගිය අප්‍රේල් 16 වනදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසු දින හතරක් පුරා ගින්න ඇවිලී ගිය අතර, එය නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් 276 දෙනෙකු සහ වාහන 77ක් යොදවා තිබුණි. මෙම පර්යන්තය රුසියාවේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානයක් වන අතර ප්‍රහාරයෙන් පසු එහි කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇත.
ගින්න හේතුවෙන් වායුගෝලයට විෂ වායු (Benzene, Xylene) සහ දැලි මිශ්‍ර වීම නිසා ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළට වී සිටින ලෙස රුසියානු බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණි. අමෙරිකාව සිය අවධානය ඉරාන යුද්ධය දෙසට යොමු කර ඇති පසුබිමක, යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ඉහළ නංවා තිබේ.
















