හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් අද (24) පැමිණ තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය ලබා ගන්නේ කුමන සිද්ධියකට අදාළව ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කරුණු අනාවරණය වී නොමැත.














