ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් (Reliance Industries) සමාගමට අයත් ඩ්‍රෝන තාක්ෂණ ආයතනයක් වන ඇස්ටීරියා ඒරෝස්පේස් (Asteria Aerospace) ආයතනය වටා මේ වන විට දැවැන්ත අල්ලස් පරීක්ෂණයක් ආරම්භ වී තිබේ. ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) විසින් එරට ගුවන් සේවා නියාමන ආයතනයේ නිලධාරීන් සහ රිලයන්ස් සමාගමේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම සිදුවීම කරළියට පැමිණ ඇත.
ඩ්‍රෝන යානා ආනයනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් රජයේ නිලධාරීන්ට අල්ලස් ලබාදුන් බවට මෙම ආයතනයට චෝදනා එල්ල වී තිබේ. රිලයන්ස් වැනි ප්‍රබල ව්‍යාපාරික සමූහයකට අයත් ආයතනයක් මෙලෙස දූෂණ චෝදනාවකට ලක්වීම ඉන්දියාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව ඇති කරුණකි. ඉන්දියාවේ ගුවන් සේවා නීති උල්ලංඝනය කරමින් සිදුකළ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඉදිරි කාලයේදී තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.














