අද (24) පස්වරු 1:00න් පසුව දිවයිනේ පළාත් කිහිපයකට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
කාලගුණ වාර්තා අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව යන පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයට ද මෙලෙස ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














