අප්‍රේල් 26 වැනිදාට යෙදී ඇති ලෝක බුද්ධිමය දේපළ දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය අද (24) තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වුණි. “බුද්ධිමය දේපළ සහ ක්‍රීඩා: සූදානම් වෙමු, සැකසෙමු, නවෝත්පාදනය කරමු” යන්න මෙවර ලෝක බුද්ධිමය දේපළ දිනයේ තේමාවයි.
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන්, විද්වතුන්, ක්‍රීඩකයින් සහ පාසල් සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මිනිසෙකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගෙන් මතුවන අයිතිවාසිකම් මෙහිදී බුද්ධිමය දේපළ ලෙස අර්ථ දැක්වුණි.














