ඉදිරි සති කිහිපය තුළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ලෙබනන ජනාධිපති ජෝසප් අවුන් ධවල මන්දිරය වෙත පැමිණීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර පවතින දීර්ඝකාලීන යුද ගැටුම් අවසන් කර ස්ථාවර සාම ගිවිසුමක් ඇති කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. ඊයේ (23) ධවල මන්දිරයේදී දෙරටේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව දැනට පවතින තාවකාලික සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කිරීමට ද දෙපාර්ශවය එකඟ වී තිබුණි.
මධ්‍යම පෙරදිග කලාපයේ පවතින අස්ථාවර තත්ත්වය සමනය කිරීම සඳහා අමෙරිකාව සෘජුව මැදිහත් වෙමින් සිටින පසුබිමක මෙම රාජ්‍ය නායක හමුව සංවිධානය කර ඇත. මීට පෙර පාප් වහන්සේ ද මෙම සාම සාකච්ඡා බිඳ නොදමා ඉදිරියට ගෙන යන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.














