වාද්දුව ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය අනතුරට හේතුව දුම්රිය මාර්ගයේ ඇති කොන්ක්‍රීට් සිල්පර කොටවල පවතින ගැටලුවක් දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා පවසයි.
අනතුරට හේතුව සොයා බැලීම සඳහා දැනටමත් විශේෂ කමිටුවක් පත් කර ඇත. අනතුරින් කොන්ක්‍රීට් සිල්පර කොටවලට හානි සිදුව ඇති නමුත්, එම සිල්පර කොටවල බාල තත්ත්වය නිසා අනතුර සිදුවූයේද යන්න විමර්ශන වාර්තාව ලැබීමෙන් පසුව පමණක් තහවුරු කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
අනතුරට ලක්වූ ද්විත්ව බලවේග කට්ටලය (Power Set) සහ දුම්රිය මාර්ගයට සිදුව ඇති සම්පූර්ණ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත. මාර්ගය අවහිර කරමින් පවතින දුම්රිය මැදිරි ඉවත් කිරීමෙන් පසුව හානිය පිළිබඳ නිශ්චිත ගණනය කිරීමක් කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දුම්රිය මාර්ගය සඳහා යොදා ගන්නා සිල්පර කොට නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකට අනුව ලබා ගන්නා ඒවා බවත්, දුම්රිය මාර්ගය පුරාම භාවිත වන්නේ එම වර්ගයේ සිල්පර කොට බවත් මෙහිදී අනාවරණය විය.














