අද (24) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී ‘සාගරිකා’ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය යළි සාමාන්‍ය ධාවන කටයුතු සඳහා විවෘත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පිළිසකර කිරීම් කටයුතුවලින් අනතුරුව අද පස්වරු 07.00 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය කාලසටහනට අනුව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. දුම්රිය පීලි පැනීම හේතුවෙන් දවස පුරා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වූ බාධාවන් මෙලෙස මඟහැරී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














