මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධියට එරෙහිව තරුණයන් පිරිසක් අද (24) පස්වරුවේ මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
මහා භාණ්ඩාගාරයට අයත් මෙම විශාල මුදල හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කරන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. එමෙන්ම මෙම සිද්ධියේ වගකීම භාරගෙන මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට ද ඔවුහු එහිදී බලකර සිටියහ.
මහජන මුදල් අවභාවිත වීම සහ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ පවතින අනාරක්ෂිතභාවය පිළිබඳව මෙහිදී තරුණයන් සිය දැඩි විරෝධය පළ කර සිටියේය.














