ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය ජාත්‍යන්තරයට ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ‘Beauty of Sri Lanka’ ඡායාරූප ප්‍රදර්ශනය හෙට (අප්‍රේල් 25) එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වීමට නියමිතය. හොලිවුඩ් හි Celebrity Centre International පරිශ්‍රයේදී පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි.
ලොස් ඇන්ජලිස් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් කාර්යාලය සහ අමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය එක්ව මෙය සංවිධානය කර තිබේ. ලෝක මිහිකත දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ ‘මිහිකත සුරකිමු’ චිත්‍ර ප්‍රදර්ශනය ද මීට සමගාමීව එදිනම පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සුවිශේෂී කලා මංගල්‍යය සඳහා මාධ්‍ය අනුග්‍රහය ‘අද දෙරණ’ නාළිකාව විසින් ලබාදෙයි.













