මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාඋස්සාකැලේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ. අද (24) උදෑසන වන විට මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 50 අඟල් 11ක් දක්වා පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවෝ සඳහන් කරති.
මීට සමගාමීව කාසල්රී ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමේ සිට අඩි 50කට ආසන්න මට්ටමක් දක්වා පහත බැස ඇත. ජලාශවල ජල ධාරිතාව මෙලෙස විශාල වශයෙන් අඩු වීම නිසා එම ජලාශ ආශ්‍රිත ජල විදුලි උත්පාදන කටයුතු ඉදිරියේදී සීමා වීමට හෝ ඊට බාධා පැමිණීමේ දැඩි අවදානමක් පවතින බව ද ඉංජිනේරුවන් පෙන්වා දෙයි.














