“ලෝක මැලේරියා දිනය” අදට (අප්‍රේල් 25) යෙදී ඇති අතර, මැලේරියාව මෙරටින් තුරන් කර තිබුණද, විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයන් හරහා රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත්, ඉන් පසුවද මෙරටින් විටින් විට මැලේරියා රෝගීන් වාර්තා වී ඇති අතර, සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේදී රෝගීන් 62ක් ද, 2024 වසරේදී 38ක් ද සහ 2025 වසරේදී රෝගීන් 14 දෙනෙකු ද හඳුනාගෙන තිබේ.
මෙසේ හමුවන රෝගීන් බහුතරය විදේශ රටවල සංචාරය කර මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර, ඔවුන් හරහා දේශීයව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවේ. මැලේරියාව මාරාන්තික වසංගතයක් ලෙස යළි පැතිරීම වැළැක්වීමට නම්, උණ රෝග ලක්ෂණ පවතින අවස්ථාවලදී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ විදේශගතව පැමිණි අයෙකු නම් ඒ පිළිබඳව වෛද්‍යවරුන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.














