ලොව ප්‍රකට රූපලාවන්‍ය සන්නාමයක් වන The Body Shop සිය 50 වැනි සංවත්සරය ‘Rebellious by Nature’ යන තේමාව යටතේ මේ වසරේදී සමරනු ලබයි. දශක පහක උරුමය සමරන මෙම සන්නාමය, ස්වභාවධර්මය පදනම් කරගත් සිය නිර්භීත සහ සදාචාරාත්මක ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැපවී සිටියි. මීට වසර 50කට පෙර ඩේම් ඇනිටා රොඩික් (Dame Anita Roddick) විසින් ආරම්භ කරන ලද මෙම ආයතනය, හුදෙක් රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවියෙන් ඔබ්බට ගොස් සමාජීය යහපත උදෙසා ක්‍රියා කරන ප්‍රබල බලවේගයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
The Body Shop ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි වසර පසුගිය වසරේදී සනිටුහන් කළ අතර, මෙවර රන් ජයන්තියට සමගාමීව සිය පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම ඩිජිටල් අත්දැකීමක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, www.thebodyshop.lk නමින් නව වෙබ් අඩවියක් නිල වශයෙන් දියත් කර ඇති අතර, එමඟින් පාරිභෝගිකයන්ට නිවසේ සිටම පහසුවෙන් භාණ්ඩ ඇණවුම් කිරීමේ අවස්ථාව උදා වේ. Quest Retail සමඟ පවතින හවුල්කාරිත්වය යටතේ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම සන්නාමය, සිය භෞතික වෙළඳසැල් ජාලය සහ ඩිජිටල් වේදිකාවන් ඒකාබද්ධ කරමින් නව පරපුරේ පාරිභෝගිකයන්ට වඩාත් සමීප වීමට අපේක්ෂා කරයි. නව වෙබ් අඩවිය විවෘත කිරීම නිමිත්තෙන් විශේෂ දීමනා රැසක් ද පාරිභෝගිකයන්ට පිරිනමන බව එම ආයතනය සඳහන් කරයි.














