වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන “ඒහි පස්සිකෝ” සාම පාද යාත්‍රාවේ සිව්වන දිනය අද (25) පෙරවරුවේ ආරම්භ විය. මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පොත්ගුල් විහාරස්ථානයෙන් අද දින ගමන් ආරම්භ කළ මෙම පාද යාත්‍රාව තෝලංගමුව ජාතික පාසල දක්වා ගමන් කිරීමට නියමිතව ඇත. සාමය සහ සහජීවනය තේමා කරගනිමින් සංවිධානය කර ඇති මෙම වැඩසටහන දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ අතර, මේ සඳහා දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා මෙන්ම සැදැහැවතුන් රැසක් එක්ව සිටිති.














