ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card) එළඹෙන මැයි මස 1 වනදා සිට හඳුන්වා දීමට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ වැදගත් පියවරක් ලෙස සැලකෙන මෙමගින් මහජන ආරක්ෂාව ඉහළ නැංවීම සහ සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම අපේක්ෂා කෙරේ.
දැනට භාවිත වන ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් වෙනුවට මෙම ඩිජිටල් ක්‍රමය හඳුන්වා දීම හරහා පරිසර සුරක්ෂිතතාවයට ද දායකත්වයක් ලැබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. මින් ඉදිරියට රියදුරන්ට සිය රක්ෂණ සහතිකය ජංගම දුරකථනය හරහා ඉදිරිපත් කිරීමට හැකි වන අතර, පොලිස් පරීක්ෂාවන්හිදී ද එය වඩාත් පහසු සහ විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් වනු ඇත.














