2026 වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි. විශේෂයෙන් අප්‍රේල් මාසයේ මුල් දින 22 තුළ පමණක් විදෙස් සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබේ.
අප්‍රේල් මස මුල් දින 22 තුළ සංචාරකයින් 99,777ක් මෙරටට පැමිණ ඇති අතර ඒ අනුව 2026 වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 840,411ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වයට සෘජු දායකත්වයක් සපයන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම වසරේදී ශ්‍රී ලංකාව කෙරෙහි වැඩිම උනන්දුවක් දක්වා ඇති රටවල් අතර ඉන්දියාව පෙරමුණේ පසුවෙයි. ඊට අමතරව එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය සහ රුසියාව යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.
සංචාරක ක්ෂේත්‍රයේ මෙම ප්‍රබල පුනර්ජීවනය මෙරට සංචාරක කර්මාන්තය මත යැපෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට ද මහඟු පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














