පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම් මගින් පසුගිය 24 පැය තුළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම්වල 2026.04.26 වන දිනට අදාළ ප්‍රගතිය මෙසේය:
පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් 27,704 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 09 දෙනෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශනය සඳහන් කරයි.
දිවයින පුරා අපරාධ අවම කිරීම සහ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම වෙනුවෙන් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.














