බදුල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල බීජ අර්තාපල් නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නව නියමු ව්‍යාපෘතියක විශේෂ වැඩසටහනක් අද (27) බණ්ඩාරවෙල, දඹේතැන්න ලිප්ටන් සීට් (Lipton’s Seat) වතුයායේදී පැවැත්වුණා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා ගුණාත්මක බීජ අර්තාපල් දේශීයව නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.
වතු ප්‍රජාවට නව අමතර ආදායම් මාර්ග උදාකර දීම.
දේශීය ගොවීන්ට විශ්වාසදායක සහ ගුණාත්මක බීජ අර්තාපල් සපයන පද්ධතියක් ස්ථාපිත කිරීම.
බීජ අර්තාපල් ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම.
මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් වතු ප්‍රදේශ කරා ද මෙම වැඩපිළිවෙල ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.













