චීනයේ සැන්යා (Sanya) හි පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී (Asian Beach Games) කබඩි ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් විය.
ඊයේ (26) පැවති අවසන් පූර්ව තරග වටයේ දක්ෂතා මත පදනම්ව, බංග්ලාදේශ කණ්ඩායම සමඟ සමව ශ්‍රී ලංකාවට මෙම ලෝකඩ පදක්කම හිමි විය. ජාත්‍යන්තර වෙරළ ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙය සැලකේ
මිලින්ද චතුරංග
සමින්ද සන්තුෂ්ඨ
දිලාන් සංජය
රුවන් සමරකෝන්
මොහොමඩ් අන්සාෆ්
ආබිත් අකාර්
මෙම ජයග්‍රහණයත් සමඟ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල තුළ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ.











