කලාවැව සහ විජිතපුර අවට ප්‍රදේශවලට අද (27) සවස බලපෑ දැඩි වර්ෂාවත් සමඟ පතිත වූ අකුණු සැර වැදීමෙන් වගා බිම්වල වැඩ කරමින් සිටි ගොවීන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉපලෝගම පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අවාසනාවන්ත පුවත වාර්තා වන්නේ විජිතපුර ප්‍රදේශයෙනි..
විජිතපුර කනක්කන්මඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි ජෙමාල්දීන් බදූර්දීන් මහතා.
විජිතපුර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි තෙන්නකෝන් මුදියන්සේලාගේ ජැක්සන් සේනාරත්න තෙන්නකෝන් මහතා.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව, මොවුන් දෙදෙනා සිය වගා බිම්වල බිම් සැකසීමේ කටයුතුවල නිරතව සිටියදී මෙම අකුණු ප්‍රහාරයට ලක්ව ඇත. මේ වන විට බදූර්දීන් මහතාගේ දේහය ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, තෙන්නකෝන් මහතාගේ දේහය කලාවැව රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.











