කිරිඳිවැල, හිස්වැල්ල ප්‍රදේශයේ නිවසක තනිව සිටි 79 හැවිරිදි මවක දූෂණය කර, ඝාතනය කර ඇයගේ රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කිරිඳිවැල පොලිසිය සමත්ව තිබේ. ඉකුත් මාර්තු 18 වැනිදා සිදුවූ මෙම බරපතළ අපරාධයෙන් දින 38කට පසු, සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඊයේ (26) මෙම 67 හැවිරිදි සැකකරු කොටුකරගෙන ඇත.
ඝාතනයට ලක්වූයේ ආර්. ඩී. තිලකා මාලනී ජයරත්න නැමැති එක්දරු මවකි. සැකකරු විසින් ඇයව දූෂණය කර, පසුව ගෙල සිරකර මරා දමා ඇති අතර, ඇය පැළඳ සිටි රන් කරාබු යුවළ ලබා ගැනීම සඳහා කන් පෙති කපා දමා ඇති බව හෙළි වී තිබේ.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, අපරාධය සඳහා යොදාගත් උල් පිහිය සහ ඔහු එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් කිරිමැටියවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ සොහොයුරියගේ නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. ප්‍රදේශයම කම්පනයට පත්කළ මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.












