නුවරඑළිය – නානුඔය මංසන්ධියේදී අද (27) සිදුවූ දරුණු යතුරුපැදි අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාලකරුවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවයි.
හැටන් දෙස සිට නුවරඑළිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් නානුඔය මංසන්ධියෙන් බදුල්ල දෙසට හැරවීමට උත්සාහ කර ඇත. එහිදී වැලිමඩ දෙස සිට නුවරඑළිය නගරය දෙසට ධාවනය වූ අනෙක් යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. යතුරුපැදිය අපරීක්ෂාකාරී ලෙස හැරවීමට උත්සාහ කිරීම අනතුරට හේතුව බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. පවතින කාලගුණික තත්ත්වය සහ මාර්ගවල ස්වභාවය අනුව වඩාත් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.













