ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් වරක් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. අද (අප්‍රේල් 27) මධ්‍යහ්නය වන විට ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 මට්ටම පසු කර තිබේ.
මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග අර්බුදය සමථයකට පත් කිරීම සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර පාකිස්තානයේ පැවැත්වීමට තිබූ සාම සාකච්ඡා මේ වන විට ඇණහිටීමයි. මෙම තත්ත්වය හමුවේ හෝමූස් සමුද්‍රසන්ධිය හරහා සිදුවන නාවුක ගමනාගමනය යළිත් සීමා වී ඇති අතර, ඒ හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් ජාලයට එල්ල වී ඇති බාධාවන් මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත.














