ඇටවීරගොල්ලෑව පොලිස් වසමේ කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ඊයේ (27) සවස් කාලයේ සිදුකළ විශේෂ වැටලීමකදී ජීව අත්බෝම්බයක් සහ සජීවී පතොරොම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත.
සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක්, T56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන සජීවී පතොරොම් 52ක් සහ මිලිමීටර් 9 වර්ගයේ සජීවී පතොරොම් 30ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ඇටවීරගොල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














