ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු වඩාත් කාර්යක්ෂමව නිරාකරණය කිරීමේ අරමුණින්, විශේෂ සමථ මූල මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ තෙදින පුහුණු වැඩසටහනක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව නිමාවට පත්විය. අප්‍රේල් 25 සිට 27 දක්වා පැවැත්වුණු මෙම වැඩසටහනේදී සමථ කිරීමේ දක්ෂතා, නව ශිල්පීය උපක්‍රම සහ ඉඩම් නීතිය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීම සිදු කෙරුණි.
හිටපු දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා, නීතිඥ සංජීව කරුණාරත්න මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පුහුණු නිලධාරී ඉඳුනිල් ද සිල්වා මහතා ඇතුළු සම්පත් දායකයින් පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම පුහුණුව පවත්වන ලදී. මෙමගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ඉඩම් ආරවුල් අධිකරණ ක්‍රියාවලියකට නොගොස් සාමකාමීව සහ නීත්‍යානුකූලව විසඳා ගැනීමට වැඩි අවස්ථාවක් උදාවනු ඇත.














