ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය රේසා තලෙයි-නික් (Reza Talaei-Nik) මහතා ඊයේ (27) කිර්ගිස්ථානයේදී රුසියානු ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව් (Andrei Belousov) සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
පවතින ඉරාන යුද්ධය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගවලින් පමණක් විසඳාගත යුතු බව රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී යළි අවධාරණය කළේය. මොස්කව් සහ ටෙහෙරානය අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යන බවට ද ඔහු සහතික විය. මීට අමතරව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි හමු වී ඇමෙරිකානු සහ ඊශ්‍රායල පීඩනය හමුවේ ඉරානය දක්වන ස්වාධීනත්වය අගය කළ අතර ඉරානයට අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ප්‍රකාශ කළේය.
ඉරාන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා බෙලාරුස් රාජ්‍යයේ ද සංචාරය කළ අතර එහිදී බෙලාරුස් ආරක්ෂක අමාත්‍ය වික්ටර් ක්‍රෙනින් (Viktor Khrenin) සමඟ මැදපෙරදිග තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේය. දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට නැවත පැමිණීම සහ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීම එකම මාර්ගය බව දෙපාර්ශවයම එහිදී එකඟතාව පළ කළහ.
මින්ස්ක් සහ ටෙහෙරානය අතර පවතින ඒකාබද්ධ අන්තර්ක්‍රියා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා දෙරටේම ඇති අන්‍යෝන්‍ය උනන්දුව මෙම හමුවේදී තහවුරු විය. කලාපීය ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.














