දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ 2026 අප්‍රේල් 27 වන දිනට අදාළ දෛනික වාර්තාව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් දිවයින පුරා සිදුකළ වැටලීම් 934කදී සැකකරුවන් 928 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 562ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 548ක් සහ ගංජා කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ ගංජා පැළ එක්ලක්ෂ හතළිස් දහසකට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබේ. මීට අමතරව කොකේන්, කුෂ්, හෂීෂ් සහ මත්පෙති ද මෙහිදී සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පස් දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.














