ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (28) කැඳවා තිබේ. වත්මන් විධායක කමිටුවේ සියලුම සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සහ ඉදිරි හදිසි නිලවරණයකට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇති බව වාර්තා වේ.
සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු වත්මන් නිලධාරී මණ්ඩලයේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී මෙලෙස හදිසියේම විධායක සභාව රැස්වීම ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත. මෙම තීරණයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරියේ විශාල ව්‍යුහාත්මක වෙනසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















