ඊයේ දිනයට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටී ඇති අතර, ඇතැම් බැංකුවල විකුණුම් මිල රුපියල් 322 සීමාව ඉක්මවා තිබේ. මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 315.33ක් සහ විකුණුම් මිල රුපියල් 322.28ක් ලෙස සටහන් වන අතර, කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රුපියල් 313.79ක් සහ විකුණුම් මිල රුපියල් 322.25ක් දක්වා ඉහළ ගොස් ඇත.
සම්පත් බැංකුවේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 322.00ක් ලෙස දැක්වෙන අතර සෙලාන් බැංකුවේ එය රුපියල් 321.90ක් ලෙස සටහන් වේ. කෙසේ වෙතත් NDB බැංකුවේ ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල පිළිවෙළින් රුපියල් 314.50ක් සහ රුපියල් 321.00ක් ලෙස නොවෙනස්ව පවතින බව වාර්තා වේ. ගෝලීය වෙළඳපොළ උච්චාවචනයන් හමුවේ දේශීය වාණිජ බැංකු මෙලෙස සිය දෛනික විනිමය අනුපාතිකයන් සංශෝධනය කර තිබේ.















