ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා පොලිස් නිලධාරිනී තනතුර සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් කාන්තාවන්ට අයදුම්පත් යොමු කිරීමේ අවසාන දිනය ආසන්න වෙමින් පවතින බැවින්, කඩිනමින් අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මෙම බඳවා ගැනීමේ වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ කොස්තාපල් දිනූෂා මෙනෙවිය සහභාගී වන විශේෂ වීඩියෝවක් ද පොලිස් දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කර ඇත. ඇය සඳහන් කරන පරිදි මේ වන විට ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා නිලධාරිනියන් 8,000කට අධික පිරිසක් සේවය කරති.
මෙම තනතුරු සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කාරිනියන්ට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.police.lk හරහා සිය අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.














